NoblePath.Net

Feb 10 2018 87 mins

Podcast by Ven Ambanpola Gnanawijaya Thero































නගරූපම සූත්‍රය - Nagarupama Sutta
Jul 14 2017 107 mins  
"මහණෙනි, යම් කලෙක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණු වලින් මනා කොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ නිදුකින් බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නො හැක්කේ යැයි කියනු ලැබේ………." ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය, මහා වර්ගය, නගරූපම සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=JyoUoYyH1ZQ අප සරණ ගිය භාග්යවත් බුදුරජාණන් වහන්සේ නරගය උපමා කොට වදාළ ඒ සත් වැදෑරුම් කරුණු ත් සිව් වැදෑරුම් කරුණු ත් මනා කොට විස්තර කර දෙමින් පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් නගරූපම සූත්රය ඇසුරින් දේශනා කොට වදාළ ධර්ම දේශනාවකි…. දිනය : 2013 - 06 - 09 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path


ලෞකික සම්මා දිට්ඨිය - Laukika Samma Dittiya
Jul 14 2017 77 mins  
පෘථග්ජන භාවයෙන් මිදී පින පව පිළිබඳ ව විශ්වාසය අැති කරගෙන මව පියා පිළිබඳ විශ්වාසය අැති කරගෙන ගුණවත් ශ්‍රාවකයෙක් බවට පත් වීමට නම් මුලින් ම ලෞකික සම්මා දිට්ඨිය අැතිකරගත යුතු ය. ඉන් පසු පිළිවෙලින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යා යුතු ය. කොහොම ද අපි ලෞකික සම්මා දිට්ඨිය අැති කරගන්නේ..? දිනය : 2013 - 06 - 09 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path






සුඛ සොමනස්ස සූත්‍රය - Sukha Somanassa Sutta
Jul 14 2017 85 mins  
“මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුලව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීමේ වීර්යය අරඹන ලද්දේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මයේ ඇලුනේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි අැලුනේ වෙයි. හුදෙකලා විවේකයෙහි ඇලුනේ වෙයි. අව්‍යාපාදයෙහි ඇලුනේ වෙයි. ප්‍රපංච රහිත නිවනෙහි ඇලුනේ වෙයි. මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීර්යය ද අරඹන ලද්දේ වෙයි.” ~ අඞ්‌ගුත්‌තර නිකාය , ඡක්ක නිපාතය , අරහත්‌ත වර්ගය , සුඛසොමනස්‌ස සූත්‍රය ~ Youtube - https://youtu.be/n6bXjYgDRBQ පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-11 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path


උදය සූත්‍රය - Udaya Sutta (Sutta Nipata)
Jul 14 2017 116 mins  
“නිරතුරුව ම දැහැන් වඩන – කෙලෙසුන් රහිතව සිටිනා සදහම් මග පිරිපුන් කළ – මතුවෙන්නට කෙලෙස් නොමැති ලොවේ තිබෙන හැම දෙයක්ම – ගැන පරතෙර වෙතට වැඩිය භගවත් මුනිදානන් වෙත – ආවෙමි මම පැන අසන්ට අවිදු අදුර සිඳ බිද හැර – ලබන විමුක්තිය පිළිබඳ පහදාදෙනු මැනවි මට ද.” “පින්වත් උදයෙනි ඔබ තුල – කාම ගුණය ගැන පවතින දොම්නස හා අශාව ද – යන දෙක බැහැරව දුරු කොට මඩිමින් හැම අලස බවද – වලක්වමින් සැක කුකුස්ද” ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , උදය සූත්‍රය ~ Youtube - https://youtu.be/-z6dGyYxs-c දිනය : 2013 - 09 - 08 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path







වැරදි කාමසෙවනයෙන් වැළකීම - Weradi Kama Sevanayen Welakima
Jul 14 2017 127 mins  
"(යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , චූල යමක වර්ගය , සාලෙය්‍යක සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , මූලපරියාය වර්ගය , සම්මාදිට්ඨි සූත්‍රය ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය , යමක වර්ගය , අවිද්‍යා සූත්‍රය ~ Youtube - https://youtu.be/bWdhsYC7TvI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path




සත්තවතපද සූත්‍රය - Sattavatapada Sutta
Jul 14 2017 93 mins  
“මව්පියන්ට සළකනවා නම්, කුලදෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, අන්න ඒ මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවෙ දෙවියො කියන්නෙ.” “If one treats his/her parents well, venerates recluses, speaks pleasant and soft words, doesn’t tell tales about others, frees oneself from greed, and speaks truth, then that person is known as the true good person (Sathpurusha) by the gods of the Thāwathinsa divine world.” ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, සක්‌ක සංයුත්‌තය, සත්තවත වර්ගය, සත්තවතපද සූත්‍රය. ~ Youtube - https://youtu.be/z61mlDgQL94 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-03-09 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path




ඉට්ඨධම්ම සූත්‍රය - Iṭṭhadhamma Sutta
Jul 14 2017 72 mins  
සිතට ප‍්‍රිය වූ දෙය ගැන වදාළ දෙසුම. "......මහණෙනි, සිතට ප‍්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයක් ඇත්තේ ය. ඒ කවර දසයක් ද යත්; භෝග සම්පත් ඇති බව, මනා පැහැ ඇති බව, නීරෝග ඇති බව, සීලය, බඹසර වාසය, කළණ මිතුරන් ඇති බව, බහුශ‍්‍රැත බව, ප‍්‍රඥාව, ධර්මය, ස්වර්ගය.........." ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය, ආකඞ්‌ඛ වර්ගය, ඉට්‌ඨධම්‌ම සූත්‍රය. ~ Youtube - https://www.youtube.com/watch?v=EcKYMqggPE8 දිනය : 2013 - 02 - 10 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path







අනාථපිණ්ඩිකොවාද සූත්‍රය 1 - Anatha Pindikowada Sutta-1
Jul 05 2017 91 mins  
03:43 - සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය 20:52 - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සළායතන වර්ගය, අනාථපිණ්ඩිකොවාද සූත්‍රය ~ සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සොතාපත්ති සංයුක්තය, සරකානි වර්ගය, අනාථපිණ්‌ඩික සූත්‍රය. ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය. ~ Youtube - https://youtu.be/m7EjE9EtVJc පින්වත් අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013 - 11 - 17 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path












කාය සූත්‍රය - Kaya Sutta (AN6)
Jul 04 2017 108 mins  
"මහණෙනි, කයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා වචනයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, වචනයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා කයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, කයෙනුත් වචනයෙනුත් ප‍්‍රහාණය කළ නොහැකි වූ ධර්මයන් ඇත. ඒවා ප‍්‍රඥාවෙන් දැක දැක ප‍්‍රහාණය කළ යුත්තේ ය." ~ කාය සූත්‍රය පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, මහා වර්ගය , කාය සූත්‍රය. Youtube - https://youtu.be/fioN1jvirz0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path



අනන්ත බුදු ගුණ වර්ණනාවක බලය (සුගන්ධ තෙරුන්ගෙ කතාව) - Ananta Buduguna Warnanawe Balaya
Jul 04 2017 69 mins  
සබ්බලෝකං අභිඤ්ඤාය - සබ්බලෝකේ යථා තථං සබ්බලෝකවිසංයුත්තෝ - සබ්බලෝකේ අනූපයෝ සබ්බේ සබ්බාභිභූ ධීරෝ - සබ්බගන්ථප්පමෝචනෝ ඵුට්ඨස්ස පරමා සන්ති - නිබ්බානං අකුතෝභයං ඒස ඛීණාසවෝ බුද්ධෝ - අනීඝෝ ඡින්නසංසයෝ සබ්බකම්මක්ඛයං පත්තෝ - විමුත්තෝ උපධිසංඛයෝ ඒස සෝ භගවා බුද්ධෝ - ඒස සීහෝ අනුත්තරෝ සදේවකස්ස ලෝකස්ස - බ්‍රහ්මචක්කං පවත්තයී ඉති දේවා මනුස්සා ච - යේ බුද්ධං සරණං ගතා සංගම්ම තං නමස්සන්ති - මහන්තං වීතසාරදං දන්තෝ දමයතං සෙට්ඨෝ - සන්තෝ සමයතං ඉසි මුත්තෝ මෝචයතං අග්ගෝ - තිණ්ණෝ තාරයතං වරෝ ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ'ති ~ ඛුද්දක නිකාය, අපදාන පාලි, භික්ඛු අපදාන, සුගන්ධ ථෙර අපදානය. ~ Youtube - https://youtu.be/0evLdnhqi-4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-05-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path














දුතිය ඔවාද සූත්‍රය (කස්සප සංයුත්තය) - Duthiya Owada Sutta (Kassapa Samyutta)
Jul 04 2017 83 mins  
ස්වාමීනි ඒක මේ වගේ දෙයක්… කළුවර පසට යන සඳක් තියනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් එලඹෙනවානම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්රමාණයෙනුත් පිරිහිලා යනවා. අන්න ඒ වගේ තමයි යමෙකුට කුසල් දහම් ගෙන ශ්රද්ධාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන බයක් නැත්නම් කුසල් දහම් ඇතිකරගැනීම ගැන වීර්යයක් නැත්නම් කුසල් දහම් උපදවා ගැනීමට ප්රඤාවක් නැත්නම් ඔහුට යම් රාත්රියක් එලඹෙහිද යම් දහවලක් එලඹෙයිද කුසල් ධර්මයන්ගේ පිරිහීමක් මිස අභිවෘධියක්නම් කැමති වෙන්න බැහැ… ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, කස්සප සංයුක්තය, කස්සප වර්ගය, දෙවන ඔවාද සූත්‍රය ~ Youtube - https://youtu.be/4Okhe_YDDlE පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-07-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path






















මහා ප්‍රජාපතී ගොතමී තෙරණිය - Maha Prajapati Gotami Theri
Jul 04 2017 110 mins  
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගේ මාතෘ ධූරය ලැබීමේ වාසනාව ලත්, ජේ‍ෂ්ඨ ම භික්ෂුණීන් අතරින් අගතැන් ලැබූ අති උතුම් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් ථෙරණියගේ අාශ්චර්යමත් චරිත කතාව Youtube - https://youtu.be/P1SWZeW2JB8 ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , ගොතමී වර්ගය , ගොතමී සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , උපරි පන්නාසකය , විභඞ්‌ග වර්ගය , දක්ඛිණාවිභඞ්ග සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , උපරි පන්නාසකය , සළායතන වර්ගය , නන්දකොවාද සූත්‍රය ~ ඛුද්‌දක නිකාය , ථෙරීගාථා පාළි , ඡක්ක නිපාතය , මහාප්‍රජාපතී ගොතමී ථෙරීගාථා පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-06-23 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path












සබ්බාසව සූත්‍රය - Sabbasawa Sutta
Jul 04 2017 99 mins  
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-02-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. ~ මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සබ්බාසව සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=Nl0iLwr0vOQ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උපෝසථය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය සිහි කරගන්නට, සීලය සමාදන් වී සිල් ගුණ සිහි කරගන්නට, තෙරුවණ් ගුණ සිහි කරගන්නට පෙන්වා වදාළ දිනයක්. ඉතින් මේ දිනයේ තුන් කාළය පුරාවටම පටලැවිල්ලක් නොවෙන විදියට තමයි චන්ද්‍රයාගේ ගමනත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ සූර්යාගේ ගමනත් එක්ක මේ දින දර්ශනය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට එක පාරට විශේෂ දිනයක් හොයන්න අමාරුයි. තරු වල ගමනත් එක්ක තරු ගැන අවබෝධයක් ලොකුවට අවබෝධයක් නැති කෙනෙක්ට විශේෂ දිනයක් හොයාගන්න අමාරුයි. නමුත් සඳේ ගමනත් එක්ක දින ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් පුළුවන් පූර්ණ චන්ද්‍රයා පායා එන දිනය වෙන් කරලා හදුන ගන්න. ඉතින් ඒ නිසා උපෝසථය කියන්නේ බොහෝම විශේෂ දිනයක් තෙරුවණ් ගිය ශ්‍රාවකයන්ට. අපි මජ්ඣිම නිකායේ සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ දේශණාවේ නම සබ්බාසව සූත්‍රය. මේ දේශනාවේදි බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ප්‍රහාණය කිරීම පිළිබදව ධර්මය දේශණා කරනවා. සැවැත්නුවර ජේතවනාරාමයේ දී තමයි මේ දේශණාව දේශණා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, පිනවත් මහණෙනි ඔබට සියළු ආශ්‍රවයන්ගේ සංවරය පිණිස පවතින ප්‍රතිපදාව දේශණා කරන්නම්, මනාකොට කන් යොමා ශ්‍රවණය කරන්න. දේශණා කරන්නට යි සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ශ්‍රාවකයන් එසේය ස්වාමීනී කියලා පිළිතුරු දීලා. දේශණාවට සම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කළා, පින්වත් මහණෙනි මේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම මා විසින් දේශණා කරන්නේ දන්න කෙනාටයි, දකින කෙනාටයි කිව්වා. ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම දේශණා කරන්නේ කාටද? දන්න කෙනාටයි, දකින කෙනාටයි. නොදන්න කෙනාට, නොදක්නා කෙනාට නෙමෙයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කුමක් දන්න කෙනාටද? කුමක් දකින කෙනාටද ආශ්‍රාවයන් ක්ෂය වෙලා යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා යෝනිසෝමනසිකාරයත්, අයෝනිසෝමනසිකාරයත් කියන්නේ මොකක්ද කියලා දන්න කෙනාටත්, දකින කෙනාටත් තමයි මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම දේශණා කරන්නේ. යම් කිසි කෙනෙක් අයෝනිසෝමනසිකාරයේ යෙදෙනවා නම් මේ නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවා කියනවා. උපන්නා වූ ආශ්‍රවයන් වර්ධනය වෙනවා කියනවා. ඒ නිසා අයෝනිසෝමනසිකාරයේ යෙදෙන කෙනාට ආශ්‍රවයන් ප්‍රහාණය කරන්ට අමාරුයි. නමුත් යම් කෙනෙක් ඉන්නවා නම් යෝනිසෝමනසිකාරයේ යෙදෙන කෙනාට නූපන් ආශ්‍රවයන් උපදින්නේ නෑ කියනවා. උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා යනවා..... Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path









අනුසයප්පහාන සූත්‍රය - Anusayappahana Sutta
Jul 03 2017 58 mins  
සිතෙහි අප‍්‍රකට ව පවතින කෙලෙස් ප‍්‍රහාණය ගැන වදාළ දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන ලද ධර්ම දේශනාවකි. උතුම් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අැසුරෙන් දේශනා කරන ලද මෙම දහම් අනුශාසනා ධර්ම ගෞරවයෙන් යුතු ව ශ්‍රවණය කරත්වා. ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය , අනුසය වර්ගය - අනුසයප්පහාන සූත්‍රය Youtube - https://www.youtube.com/edit?o=U&video_id=Iebn9VB6kz4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-12-27 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path




සංඛිත්ත දෙසිත සූත්‍රය - Sankitta Desita Sutta
Jul 03 2017 101 mins  
"...ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා තනිව ම, හුදෙකලාව, අප‍්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා හට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්..." සංඛිත්ත දෙසිත සූත්‍රය(කෙටියෙන් වදාළ දෙසුම) ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , චාපාල වර්ගය, සඞ්ඛිත්‌තදෙසිත සූත්‍රය. Youtube - www.youtube.com/watch?v=BzU6SRIoYdo පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-10-29 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Find us on: Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path Website: www.noblepath.net







සුබ්‍රහ්ම සූත්‍රය - Subrahma Sutta | බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta
Jul 02 2017 76 mins  
පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-07-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. සූබ්‍රහ්ම සූත්‍රය | Subrahmma Sutta ~ සංයුත්‌ත නිකාය , සගාථා වර්ගය , දෙවපුත්‌ත සංයුත්‌තය , අනාථපිණ්ඩික වර්ගය , සුබ්‍රහ්ම සුත්‍රය. බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta ~ ඛුද්‌දක නිකාය, උදානපාළි, බොධි වර්ගය, බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) ~ ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූ අපදාන, කච්‌චායන වර්ගය, බාහිය ස්ථවිරාවදානය Youtube - https://www.youtube.com/watch?v=WiCjKRQ3js8 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.Noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

































































No review available yet...